විදුහල්පති පණිවිඩය
හ/රෝහණ රාජ ජාතික පාසල

දකුණු ලක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියවෙන රන්න නගරයේ පිහිටා ඇති රෝහණ රාජ විද්‍යාලයේ වෙබ් පිටුව සදහා සුභාශිංසන එක් කිරිමට වත්මන් විදුහල්පතිවරයා වශයෙන් මා ලද භාගයයක් ලෙස සලකමි.
රෝහණ රාජ විද්‍යාලය වසර 189කට වඩා ඉතිහාසයකට එක් වන අතර මෙම ප්‍රදේශයේ පැරණිතම පාසලකි. මෙම පාසල වර්තමානයේ ජාතික පාසලක් බවට පත්ව ඇත. මෙහිදි අධ්‍යාපන ක්‍රියාවලීන් සඳහා ඵලදායි තාක්ෂණයක් ඇතිකර ගැනීම ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි සැලසුමක් ඇති කර ගැනීම ද පරිසරයේ අවශ්‍යතා වලට සාර්ථකව මුහුණ දිය හැකි පාසල් පරිසරයක් බිහි කිරීම මාගේ ඒකායන අරමුණයි. එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාසලේ කළමනාකරණය හා එහි වෙනත් කටයුතු සම්බන්ධයෙන් දෙමවුපියෝ ද, ගුරුවරුද, ශිෂ්‍යයෝ ද, ආදි ශිෂ්‍යයෝ ද, සුභ පතන්නන් සමග එක්වී පාසලේ පරමාර්ථ ඉටු කර ගැනීමට ඇප කැපවීම තුළින් මේ වන විට විද්‍යාලයට ඉතා සීග්‍ර දියුණුවක් ලබා ගැනීමට හැකිවී ඇත.
මෙවන් පරිසරයක මනා පෞරුෂයකින් යුතුව අනාගත අභියෝග ජයගැනීමට හැකි දරු පරපුරක් රටට දායාද කිරීම අපගේ ඒකායන අරමුණ වන අතර එම ජයග්‍රහණ අත්පත් කරගෙන බොහෝ දුරක් ගමන් කිරීමට විද්‍යාලයට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
චන්ද්‍රදාස බදුගේ,
විදුහල්පති,
රෝහණ රාජ විද්‍යාලය,
රන්න