සිසු ආචාරධර්ම පද්ධතිය
- සියලුම පන්ති නායක නායිකාවන් හා ශිෂ්‍ය නායක නායිකාවන් පෙරවරු 7 ට පෙර පාසලට පැමිණෙයි.
- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පෙරවරු 7.25 ට පෙර පාසලට පැමිණෙයි. ප.ව 1.30 වන තෙක් පාසලේ රැඳී සිටි.
- නිසි පිරවිතරයන්ට අනුකූලව සැකසූ නිල ඇඳුම් අඳියි.
- පාසලේ විනය නීති මාලාවට එකඟව කොණ්ඩය, ඇඳුම් පැළඳුම් හා සපත්තු ද සකස් කර ගනී.
- පාසලේ විනය නීති මාලාවට අනුව සිසුන්ට අදාළ නොවන දේ රැගෙන නොඑයි. (ජංගම දුරකථන වැනි දේ.)
- විධිමත් රාජකාරි කටයුත්තක් සඳහා පාසලින් බැහැර යාමේ දී සිසුවියන් ගුරු මහත්මියක සමගද සිසුන් ගුරු මහත්මයකු සමග ද ගමන් කරයි.
- අවශ්‍යතාවයක් සඳහා පන්තියෙන් බැහැර ව යන විට නිදහස් කාඩ් පත භාවිතා කරයි.
- සියලු සිසුන් ගුරු දෙගුරු සම්බන්ධතා පොත භාවිතා කරයි.
- යම්කිසි කාලච්ඡේද යක් ආරම්භ වී විනාඩි 5ක් ගතවන තෙක් අදාළ ගුරුවරයා නොපැමිණියහොත් පන්ති නායකයා හෝ නායිකාව ඒ බව දැනුම් දෙයි.
- පාසලේ භෞතික සම්පත් ආරක්ෂා කරයි. (ඩෙස් පුටු ගොඩනැගිලි වැනි)
- උදෑසන පාසලට පිවිසීමේදී පාසල් මෑණියන්ට ආචාර කරයි, හමුවන අයට සුභ උදෑසනක් සුභ දවසක් යන්න ප්‍රාර්ථනා කරයි.
- බුදු මැදුර අසලින් ගමන් ගන්නා විට සංවරව හා විනීතව ගමන් කරයි.
- පොලිතීන්,ප්ලාස්ටික් හෝ වෙනත් දිරාපත් නොවන දෑ ගෙන ඒමෙන් වැළකෙයි.
- උදෑසන රැස්වීම සඳහා පන්තියේ සිට පේලියට පැමිණෙයි, නැවත පේලි වලටම පන්තිවලට යයි.
- ශිෂ්‍ය භට කණ්ඩායමේ සිසුන් සීරුවෙන් හිටගෙන ද, අනෙකුත් සිසුන් පහසු ඉරියව්වෙන් සිටගෙනද විදුහල්පතිතුමා හා ගුරු මහත්ම මහත්මීන් සමග කතා කරයි.
- අතිරේක විෂය සදහා පන්තියෙන් ගමන් කරන විට පේලියට ගමන් කරයි.
- පන්ති කාමරය හා පාසල් පරිසරය පිරිසිදුව තබා ගනියි.
- සියලු ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට ගරු කරයි, පන්තියට පැමිණෙන විට ආචාර කරයි.
- යහපත් මෘදු වචන කතා කරයි, සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරයි.
- ස්වභාවික සම්පත් ආරක්ෂා කරයි ස්වභාව සෞන්දර්ය අගය කරයි.
- අවසරයකින් තොරව අන් සතු දේ නොගනී.
- පාසලින් බැහැරව යන විට දෙදෙනා බැගින් පාරේ දකුණින් ගමන් කරයි.
සියලුම සිසුන් පාසලේ ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කළ යුතු අතර ආචාර ධර්ම සුරැකීම සැමගේ යුතුකම හා වගකීම වන්නේය. ගුණ ධර්මවලින් යුතු යහපත් විනයගරුක ශික්ෂණයකින් යුතු දරුවකු දැයට දායාද කිරීම මෙම ආචාර ධර්ම පද්ධතියේ ඒකායන අරමුණයි.