අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

තංගල්ල කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ලේ සිට km 12ක් පමණ දුරින් රන්න මහා විද්‍යාලය පිහිටා ඇත. එය 1833 දි රන්න රජයේ දෙවන සිප්හල ලෙස ආරම්භ වී ඇති බවත් 1872 වර්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප සභාපති ව සිටී තෝ මස් ස්ටිල් පාලන වාර්තාවට අනුව එම වසරේ මුල්ම ස්වභාෂා පාසල වූයේ මෙම පාසල බවත් සඳහන් වේ. ලංකාවේ වෙරළබඩ ිෂනාරි අධ්‍යාපනය වැඩෙමින් පැවති අවධියේ සිසුන් 56 ක් හා ගුරුභවතුන් 05 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම පාසල 2022 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් ඇත. ගුරු මණ්ඩලය 70 කට ආසන්නය. අද එය රෝහණ රාජ විද්‍යාලය ලෙස හඳුන්වයි





